නීතිපති දෙපාර්තමේන්තුව


(ඩයනා උදයංගනී)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ චෝදනා මත අත්අඩංගුවට ගත් අය නීතිපතිතුමාගේ නිර්දේශ මත නිදොස් කොට නිදහස් කරමින් ගෙන යන වැඩපිළිවෙල නීතිපති දෙපාර්තමේන්තුවේ කීර්තියට හා ස්වාධීනත්වයට නිගාවක් බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව මගින් ලබා දී තිබූ පැහැදිලි නිර්දේශ ක්‍රියාත්මක නොකර ඔවුන් දේශපාලන නායකයන්ගේ න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කිරීම තරයේ හෙළා දකින බව ද අගරදගුරුතුමෝ සඳහන් කරති.

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බවට ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ තුළ ඇතැමුන් නම් කරනු ලැබ ඇතත්, ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව මැලිවීම කිසිසේත් පිළිගත නොහැකි දෙයක් බව ද කාදිනල්තුමන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.