නීති විරෝධී පත්‍රිකා බෙදූ තවක් අයෙක් බලංගොඩින් අල්ලයි


(තරිඳු ජයවර්ධන)

බලංගොඩ විකිලිය නාරද විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය අසලදී අපේක්ෂකයකු ප්‍රවර්ධනය වන ආකාරයේ අත්පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අද උදෑසන ද බලංගොඩ දී එම අපේක්ෂකයාටම සහාය දක්වන පත්‍රිකා බෙදූ අයෙක් අත්අඩංගුවට ගෙන තිබිණි.

අද දහවල් අත්අඩංගුවට ගත් පුද්ගලයා මෝටර් රථයකින් පැමිණ මෙලෙස අත්පත්ත්‍රිකා බෙදමින් සිටි බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු සමඟ නීති විරෝධී අත් පත්‍රිකා 133ක් පොලිස් භාරයට ගෙන තිබේ.