නීති විරෝධිව මසුන් මැරූ ඉන්දීය ධීවරයෝ 14ක් මාට්ටු


(සිතුම් චතුරංග)

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් යාපනය, කරෙයිනගර් මුහුදු සීමාවෙ නීතිවිරෝධීව මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනකු ටොලර් යාත්‍රාවක් සමඟ අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි.

අනවසරයෙන් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින්  මසුන් අල්ලන පිරිසක් නිරීක්ෂණය වීමෙන් අනතුරුව සිදුකළ වැටලීමකදී ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පැවසීය.

ඉන්දීය ධීවරයින් විසින් අල්ලාගනු ලැබූ මත්ස්‍යයින් විශාල ප්‍රමාණයක් හා තහනම් දැල් උපකරණද අත්අඩංගුවටගත් බව සඳහන් කළේය.