(ඉන්දිකා රාමනායක)
නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ පරිසර හානි සිදුකරමින් සිදුකරන නීතිවිරෝධී ජාවාරම් මැඬපැවැත්වීම මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන ලෙසට ආරකෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා දිවයින පුරා විසිරී ඇති ආරක්ෂක සේනා මූලස්ථාන වෙත දැනුම් දී ඇති බව යුද හමුදාව පවසයි.
2021 වසරේ ජනවාරි මස සිට මේ දක්වා යුද්ධ හමුදාව සිදුකළ කළ මෙහෙයුම්වලදී ගංජා කිලෝ 284 ග්‍රෑම් 76ක ප්‍රමාණයක්, කේරළ ගංජා කිලෝ 745 ක් අත් අඩංගුවට ගැනීමට හැකි වු බව හමුදාව පවසයි.
අයිස්, හෙරොයින් ඇතුළු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ද මේ අතර වන බවද හමුදාව පවසයි.
මෙම මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 68 දෙනෙකු ද නීතිවිරෝධී වැලි ජාවාරමේ නිරත වූ පුද්ගලයින් 171 දෙනෙකු ද , නීති විරෝධී වැලි ජාවාරම සඳහා භාවිත කළ ට්‍රැක්ටර් රථ 57ක්, ටිපර් රථ 07ක්, ඩම්ප් ට්‍රක් රථ 08ක් සහ කරත්ත දෙකක්ද අත්අඩංගුවට ගත් බවද හමුදාව සදහන් කරයි.
මෙම මෙහෙයුම් තවදුරටත් මුළු දිවයින ම ආවරණය වන පරිදි සිදුකරන බවද හමුදාව වැඩිදුරටත් වැඩිදුරටත් පවසයි.
.

