(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ අතර පසුගිය මාර්තු 03 වැනිදා සිට අද උදෑසන 6 දක්වා කාලයේදී ආධාරකරුවන් 46 දෙනෙකුද අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පොලිසියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 48කි.