නීති කඩා පාටි දැමූ ලිඳුල ප්‍රා.සභාපති අත්අඩංගුවට


(රංජිත් රාජපක්ෂ)

සංචරණ සිමා නිතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත් වු තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති පි.භාරතිදාසන් මහතා ඇතුළු 07 දෙනකු (20) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පවසයි.

සභාපතිවරයා ඔහුගේ හිතවතුන් කිහිපදෙනකු එකතු කරගනිමින් තලවකැලේ ඉහල කොත්මලේ ජලාශය ඉහලින් පිහිටි පෞද්ගලික උත්සව ශාලාවකදි මෙම සාදය පවත්වා ඇතැයි පොලිසිය කියයි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් කිහිප දෙනකු සම්බන්ධ කර ගනිමින් සභාපතිවරයා සාදයක් පවත්වන බවට 119 හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් මත තලවකැලේ පොලිසියේ නිලධාරින් එම ස්ථානයට ගොස් සභාපතිවරයා සහ සෙසු අය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය එම ස්ථානයට යන අවස්ථාවේ සාදයට සහභාගි වි සිටි තවත් පිරිසක් පලා ගොස් ඇති බවට තොරතුරු ලැබි ඇති බවයි තලවකැලේ පොලිසිය කියයි.

තලවකැලේ සභාපති සාදය සදහා පැමිණි නගර සභාවේ කැබ් රථයද පොලිස් භාරයටය ගෙන ඇත.

නිරෝධායන නිතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත් වු තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා සහ සෙසු 06 දෙනාට එරෙහිව නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවත්, එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කිරිමට කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දි ඇති බවද තලවකැලේ පොලිසිය කියයි.