නිවෙස්වල රඳවා ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙළ මුළු දිවයිනටම


(සුජිත් හේවාජුලිගේ)

දැනට බස්නාහිර පළාතේ ක්‍රියාත්මකවන කොවිඩ් රෝගීන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදය මුළු දිවයින පුරා ආරම්භ කිරීම පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

මේ වැඩපිළිවෙළ යටතේ කොවිඩ් රෝගීන් දාහතර දහසක් (14,000) වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස් ගතව ප්‍රතිකාර ලබන බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන රෝගීන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.