නිවාස නිලධාරියා අල්ලස් දැලේ පැටලෙයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ගාල්ල නිවාස සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිවාස ( තාක්ෂණික) නිලධාරියකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

පිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකරුගේ නිවස ඉදිකිරීම සඳහා නිවාස සංවර්ධන අධිකාරිය මගින් ලබා දෙන රුපියල් 10 ක මුදල ලබාදීම සඳහා අවශ්‍ය තාක්ෂණික සාය හා නිර්දේශය ලබාදීමට රුපියල් 50000 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඉකුත් අගෝස්තු මස 19 වෙනිදින  එකී ආධාර මුදලේ පළමු වාරිකය ලෙස රුපියල් 146,000 ක මුදල පැමිණිලිකරු ලබාගන්න අවස්ථාවේදී එයින් රුපියල් 25000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන ඇති අතර ඉතිරි ආධාර මුදල ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරදීමට හා නිර්දේශය ලබාදීම වෙනුවෙන් රුපියල් 25000 ක මුදලක් ඉල්ලා ලබා ගැනීමේදී සැකකාර නිවාස ( තාක්ෂණික) නිලධාරියා. නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන අංශය තුළදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි