නිවාස දෙකක් පස් කන්දකින් යට වෙයි:අයෙක් රෝහලේ


(සමන් පාලිත නානායක්කාර )

පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ අද (19) අලුයම  බදුල්ල  දිස්ත්‍රික්කයේ   බණ්ඩාරවෙල සහ හල්දුම්මුල්ල ප්‍රදේශවල වලදී  පස්කදු කඩා වැටී නිවාස දෙක කට හානි වී එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

හල්දුම්මුල්ල  කළුපහන ප්‍රදේශයේ නිවසක් මතට අද අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවස  සම්පූර්ණයෙන්ම විනාශ වී  ඇතැයිද නිවසේ සිටි තිස්හත් හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා හල්දුම්මුල්ල   දිසාරෝහලට ඇතුළත් කර ඇති බවද   හතර දෙනෙකු ගේ ජීවිත බේරී ඇතැයි ද හල්දුම්මුල්ල  ප්‍රාදේශීය ලේකම් කේ ඒ ජේ ප්‍රියංගිකා  මහත්මිය පැවසුවාය.

විශාල අඹගසක්  සමඟ පස් කන්ද ක් නිවසට කඩා වැටී තිබේ. 

මේ අතර බණ්ඩාරවෙල පෙරේරා මාවත ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී නිවසට හානි වී ඇති අතර එහි සිටි කුඩා දරුවෙකුගේ ජීවිත අනූනවයෙන් බේරී ඇතැයි ද  බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය කියයි.