නිවාස, ඉදිකිරීම් ජල සම්පාදන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්


(අංජුල මහික වීරරත්න)

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත මහතා පත් කර ඇත.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී අද (13) පෙරවරුවේ බෝගහවත්ත මහතා වෙත බාර දුන්නේය.

කුමුදු ලාල් බෝගහවත්ත මහතා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළේය.

ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නිවාස, ඉදිකිරිම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස වෛද්‍ය එච්.එම්.සුසිල් රණසිංහ මහතා පත් කළේය.

ඒ අනුව මෙම නව පත්වීම සිදු කර තිබේ.