නිවාස අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි


(මහින්ද  නිශ්ශංක)

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බි.එම්. රණතුංග මහතා ඊයේ (30) එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සභාපති තනතුරට පත් වූ රණතුංග මහතා පෞද්ගලික හේතුන් මත ඉල්ලා අස්වූ බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස සංවර්ධන අමාත්‍යංශ සදහන් කරයි.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශය වෙත යොමුකර ඇතැයි වාර්තාවේ.