නිව් ඩයමන්ඩ්‘නෞකාව ගැන සොයන්න එක්සත් රාජධානියේ විශේෂඥ කණ්ඩායමක්


(ටී.කේ.ජී.කපිල )
 
ඉන්දියාවට ඉන්ධන තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී , ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයේ දී හදිසියේ ගිනි ගැනීමකට ලක් වූ ‘නිව් ඩයමන්ඩ් ‘ නෞකාවේ එම සිද්ධිය  පිළිබඳව සොයා බැලීම සඳහා එක්සත් රාජධානියේ  විශේෂඥ කණ්ඩායමක් අද (06)  උදෑසන විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
 
මෙම විශේෂඥ කණ්ඩායම මෙම නැව අයිති සමාගම විසින් එක්සත් රාජධානියේ සිට අද උදෑසන 6.55 ට විශේෂ ගුවන් යානයකින්  මත්තල ගුවන් තොටුපළ වෙත එවා තිබේ .
 
 මේ වනවිට මෙම කණ්ඩායම මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සදහා නිව් ඩයමන්ඩ් නෞකාව වෙත පිටත්ව ගොස් තිබේ .ඊට අමතරව මෙම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්යය මණ්ඩලය හමුවී ප්‍රකාශ ලබා ගැනීමට ද නියමිතය .

(ඡායාරූප - චන්ද්‍රසේන ගමගේ )