කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා නිවසින් බැහැරට යන අවස්ථාවලදී මුඛ ආවරණ පළඳින්නැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය බලධාරිහු එරට ජනතාවට නිර්දේශ කර ඇත.
නිවසින් බැහැරට යන අවස්ථාවලදී විශේෂයෙන්ම තවත් පුද්ගලයන් මුණගැසෙන හා පිරිස් සිටින අවස්ථාවලදී මුඛ ආවරණ පළඳින ලෙස හෝ මුහුණු ආවරණය කරගන්නා ලෙස හෝ ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරිහු උපදෙස් දී ඇත.

මෙම උපදෙස් දී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයයි.
කෙසේ නමුත් තමන් මුඛ ආවරණ පළඳින්නේ නැතැයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.
"මම නං එහෙම කරන්නේ නෑ. තමන් කැමැති නං විතරක් කරන්න පුළුවන් " යැයි ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා එසේ කීවද සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්නැයි ජනපති බිරිඳ මෙලානියා ට්‍රම්ප් ජනතාවට අවධාරණය කළාය.
මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා ආරක්ෂක නිෂ්පාදන පනතේ විධිවිධාන අනුව එන්95 මුඛ ආවරණ සහ සායනික අත්වැසුම් අපනයනය නවතා ඒවා රඳවා තබාගන්නැයිද නියෝග කර ඇත.
අල්ජසීරා/ද ගාඩියන්
ඡායාරූපය ; ඒ.පී.
055

