නිවසට ආ මහජන සෞඛ්‍ය පරීක්ෂකට පිහියෙන් අනී


සමන් විජය බණ්ඩාර

රඹුක්කන කඩිගමුව කැබැල්ලවත්ත ප‍්‍රදේශයේදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට අද (4) පස්වරුවේ තියුණු ආයුධයකින් ඇනීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව රඹුක්කන පොලිසිය පවසයි.

කඩිගමුව වසමේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට සිදු කර ඇති පිහි ඇණුමෙන් ඔහුගේ එක් පාදයකට සුළු තුවාල සිදු වි ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා මේ වන විට රඹුක්කන රෝහලේ ප‍්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.


සිද්ධිය සිදු වි ඇත්තේ එම වසමේ නිරෝධායනය ලක් වී ඇති නිවසකට ජලය නොමැති බව එම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දැනුවත් කිරීමෙන් පසුව එම නිවසට ජල බවුසරයක් ගෙනවිත් ජලය ලබා දිමෙන් අනතුරුව බවුසරයේ ඇති ඉතිරි ජලය අසල්වාසි ජලය නොමැති නිවෙස් වලට ඉල්ලීමකට අනුව ලබා දි ඇත.

එහිදි කඩිගමුව වසමේ මෙම මහජන පරික්ෂකවරයා එම ප‍්‍රදේශයේ තවත් නිවසකට ජලය ලබා ගන්නැයි එම නිවසට ගොස් පවසද්දි ඔහුට කිසිදු හේතුවක් නොමැතිව දිගෙන් දිගටම බැණ වැදීම නිසා ඒ සම්බන්දයෙන් රඹුක්කන පොලිසියද දුරකථන මාර්ගයෙන් එම මොහොතේ දැනුවත් කර ඇති අතර එම අවස්ථාවේ මෙම තියුණු ආයුධයකින් පහර දිම සිදු කර ඇති බව වාර්තා වේ.

පිහි ඇණුම සිදු කරන ලද සැකකරු ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිමට පරීක්ෂණ පවත්වයි.

තුවාල ලැබු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා රඹුක්කන රෝහලේ ප‍්‍රතිකාර ලබන බවත් කකුලට අමතරව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ වෙනත් ප‍්‍රදේශවලද සිරිම් තුවාල ඇති බවත් එය බරපතල තත්වයේ නොවන බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.