නිල්වැල්ල ධීවර වරායට පැමිණි බහුදින යාත්‍රාවක සිටි 4 ක් ස්වයං නිරෝධායනයට


(නිමල්  ලන්දගේ )
 
ධීවර  කටයුතු  අතරතුරදි  යාපනය  පේදුරුතුඩුව  ප‍්‍රදේශයේ  ධීවර  වරායකට ගොස්  අද  (1)   දික්වැල්ල  නිල්වැල්ල  ධීවර  වරායට පැමිණි  බහුදින  ධීවර  යාත‍්‍රාවක  සිටි ධීවරයින්  සිව්දෙනෙකු  තම  නිවෙස්වලම  ස්වයං  නිරෝධායනයට  ලක්කිරීමට  දික්වැල්ල 
සෞඛ්‍ය  වෛද්‍ය  නිලධාරි  කාර්්‍යාලය  කටයුතු  කළේය.
 
මෙම  යාත‍්‍රාවෙන්  රැගෙන  ආ  මාළු  තොග  වශයෙන්  වහා  විකිණිමට  කටයුතු  කිරීමෙන්  අනතුරුව  පිරිස නිවෙස්  කරා  යැවීමට  කටයුතු  කෙරිණි .
 
අවුරුදු  19  සිට  62  දක්වා  වයසේ  මෙම  සිව්දෙනා  අතර  පියෙකු  හා  පුතෙකුද  විය . මොවුන්  නිල්වැල්ල  ප‍්‍රදේශයේ  පදිංචිකරුවෝ  වෙති . 
 
දික්වැල්ල  සෞඛ්‍ය  වෛද්‍ය  නිලධාරි  ඉන්දික  සේනානායක  මහතාගේ  උපදෙස් පරිදි ,  පරිපාලන  මහජන  සෞඛ්‍ය  පරීකෂක  ජගත්  පුෂ්පසිරි  මහතාගේ  මෙහෙයවීමෙන් ,මහජන  සෞඛ්‍ය  පරී්කෂකවරුන්  වන  පී . ජී . එම් . සංදීප , ජේ . පී . සී . ලක්මාල් , ප‍්‍රභාත් නිරෝශන  ,  ඩබ් . ඒ . රංජිත්  යන  නිලධාරීහු  මෙම  කටයුතු  සඳහා  සහභාගි  වූහ .