(ප්‍රසාද් රුක්මල් )
රජය සහ නිළධාරින් මහජනතාවට ලබා දෙන මාර්ග උපදේශයන්, උපදෙස් තුට්ටුවකට ගණන් නොගෙන පිළිනොපැදීම නිසාවෙන් මෙවර ආපදාවන් වලින් බදුල්ල දිස්ත්‍රික්කයේ බොහොමයක් මරණ සිදුවු බවත් , එමනිසා අපි ලබාදෙන උපදෙස් පිළිපැද ප්‍රථමයෙන් වටිනා ජීවිත ආරක්ෂා කරගන්නා ලෙසට බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා අද (11) දිස්ත්‍රික්කයේ ජනතාවට දැනුම් දුන්හ.
දිස්ත්‍රික්කයේ නායයාමේ අවධානම ඇති ප්‍රදේශවල ජනතාවට අපි වහා ඉවත් වී ආරක්ශිත ස්ථානකරා යාමට උපදෙස් දුන්නද , එම මාර්ග උපදේශයන්, උපදෙස් තුට්ටුවකට ගණන් නොගෙන ඇතම් ප්‍රදේශයේ ජනතාව වටිනා ජීවිත බේරාගැනීමට උත්සාහ නොකර නිවාස ,දේපල, වගාවන් ආරක්ශා කරගැනිමේ අරමුනින් එම අවදානම් ප්‍රදේශවල අවදානම නොතකා තවදුරටත් රැදී සිටින බව පවසන බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා එසේ නොකර සියල්ලට කලින් වටිනා ජීවිත ආරක්ශා කරගෙන ඉන්පසුව දේපල සහ අනිකුත් දේවල් ගැන සිතන ලෙසටද අවධාරණය කලහ .

