නිල නිවාස බාර දී නැති හිටපු ඇමැතිවරු 19 කට නඩු


ජයන්ත සමරකෝන්  
 

මෙතෙක් රජයේ නිල නිවාස බාරදී නැති හිටපු අමාත්‍යවරුන් 19 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට සිදුවන බව රාජ්‍ය පරිපාලන හා ආපදා  කළමනාකරණ අමාත්‍යංශය කියයි.

මෙම හිටපු අමාත්‍යවරුන්ගේ ධූර කාලය අවසන් වී ඇති බැවින් ඔවුන්ට සිය නිල  නිවාස වලින්  ඉවත්වන ලෙස කීපවතාවක්ම දැනුම් දී ඇතත් මේ දක්වා ඉවත් නොවීම නිසා මෙම පියවර ගන්නා බවද, එම අමාත්‍යංශයේ උසස් නිලධාරීයෙක් පැවසීය.

වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන් 20 දෙනෙකු පමණ මෙම නිල නිවස ඉල්ලා ඇතැයි ද, එහෙත් හිටපු අමාත්‍යවරුන් ඉවත් නොවීම බරපතල ගැටලුවක් වී ඇතැයි ද උසස් නිලධාරියා කීය.

නිල නිවාසවලින් ඉවත් නොවී සිටින ඇතැම් හිටපු අමාත්‍යවරුන් ගෙවල් කුලී පවා ගෙවා ඇතැයි ද අමාත්‍ය වැටුපෙන් 10 % ක් අඩුකර ගෙන මෙම නිල නිවස පවරාදී තිබු බවද එම උසස් නිලධාරියා ප්‍රකාශ කළේය.