නිරෝධායනය කඩා සුදු ගැසූ හතක් අල්ලයි


(නිහාල් ජයවීර)

නිරෝධායන නීති කඩකරමින් මුදල් ඔට්ටුවට සූදු කෙළියේ යෙදුන පුද්ගලයන් හත් දෙනකු ඇහැටුවැව, මුදියන්නෑගම දී  අත් අඩංගුවට ගත් බව මීගලෑව පොලීසිය කියයි.

මුදියන්නෑගම ප්‍රදේශයේ සූදු පොළක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරක් මත ඒ ස්ථානය වටලා සැකකරුවන් සමග බූරු මණ්ඩියේ තිබු රුපියල් 1400ක මුදලක් මෙසේ අත් අඩංගුවට ගත් බව මීගලෑව පොලීසිය කියයි.

සූදු පොළ පවත්වාගෙන ගොස් ඇත්තේ එගම නිවසකට යාබද මඩුවක බව පොලීසිය පවසයි.

සංචරණ කටයුතු තහනම් කර තිබියදී ඒවාද බිඳිමින් එක් රැස්ව නිරෝධායන නීති කඩ කරමින් මෙසේ මුදල් ඔට්ටුවට සූදු කෙළියේ නිරතව සිටියදී සැකකරුවන් අත් අඩංගුවට ගත් බව මීගලෑව පොලීසිය කියයි