නිරෝධායනය අවසන් කළ තවත් 35 ක් දියතලාවෙන් පිටව යති


(ඩී.කේ.රත්න )

විදේශීය රටවල සිට පැමිණ දියතලාව නිරෝධායන මධස්ථානයේ නිරෝධායනය වූ අවසන් 35 දෙනාද අද (3) සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර සිය නිවෙස් කරා යවා ඇතයි දියතලාව යුද හමුදා කඳවුරේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.
 
දියතලාව යුද හමුදා කදවුර ආශ‍්‍රිතව යුද හමුදා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායන කඳවුරු හතක 479 දෙනෙකු නිරෝධායනයට ලක් කළ අතර මේ වන විට එම සියලූම පිරිස නිරෝධායන කටයුතු අවසන් කර සාර්ථකව පිටව ගොස් තිබේ.