(ඉන්දිකා රාමනායක)
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 563 දෙනකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි .
මින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයෙන් බවත් එම පිරිස 147 දෙනකු බවත් අජිත් රෝහණ මහතා කීය .
මාතලේ ප්‍රදෙශයෙන් 66 දෙනකු , මඩකලපුව ප්‍රදේශයෙන් 49 දෙනකු, වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය .
නිරෝධායන නීති උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 46832ක් අත්අඩංගුවට ගෙන ඇත.

