නිරුවත් දර්ශන යවා ලිංගික අල්ලස් ඉල්ලු සරසවි සිසුවා මාට්ටු
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පෞද්ගලික විශ්ව විද්‍යාලයක තරුණ සේවිකාවකගේ නිරුවත් දර්ශන යොමු කර ලිංගික අල්ලස් ඉල්ලූ සරසවි සිසුවෙකු අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි.
තරුණිය මීට මාස කීපයකට ඉහතදී විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය නිම කිරීමෙන් අනතුරුව පෞද්ගලික විශ්ව විද්‍යාලයක රැකියාව සඳහා පැමිණ ඇති අතර ඇය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට සිය ගම් ප්‍රදේශයේ සිට පැමිණෙන අවස්ථාවේදී තරුණයකු සමග විවාහ ගිවිසගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කොළඹ පැමිණීමෙන් අනතුරුව අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලයේම තරුණයකු සමග අනියම් සබඳතාවයක් වසර තුනක කාලයක් පවත්වාගෙන ගොස් තිබූ අතර එහිදී විශ්වවිද්‍යාල සිසුවා මෙම තරුණියට හොර රහසේ ඇයගේ නිරුවත් දර්ශන ජංගම දුරකථනයේ සටහන් කරගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.

