නිරිත දිග කොටසේ වැස්ස වැඩි වෙයි


(ඩයනා උදයංගනී)

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය ඉදිරි දිනවලදී වැඩිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය

සෙසු පළාත්වල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා පැවසීය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද ඔහු කීවේය.