
(අංජුල මහික වීරරත්න)
ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කොට මතු පරපුරට දායාද කිරීමටත් ජාත්‍යන්තරයේ ව්‍යප්ත කිරීමටත් උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “සිංහල ධම්මසඞගණීප්පකරණ” ග්‍රන්ථය එළිදැක්වී සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයේදී ය.
බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් පත්කරන ලද සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සම්පාදිත 28 වන ග්‍රන්ථය ලෙස "සිංහල ධම්මසඞගණීප්පකරණ" ග්‍රන්ථය එළිදැක්විණි.
මෙය ග්‍රන්ථ 07කින් සමන්විත වු අභිධර්ම පිටකයේ පළමු ග්‍රන්ථයයි.
එහි පළමු පිටපත බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
එසේම මීට පෙර එළිදක්වා ඇති මජ්ඣිම නිකාය 3, සංයුක්ත නිකාය 1, අංගුත්තර නිකාය 3, ඛුද්දක නිකාය 1, ජාතක පාලි 1 යන ග්‍රන්ථ 05 ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

