නිර්පාක්ෂික විරෝධයට පහරදුන්නැයි නගර සේවකයකු අල්ලයි


(ඉන්දිකා  රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අරලියගහ මන්දිරය ඉදිරිපිට  විරෝධතාවක   නිරත පිරිසකට ඉකුත්  (9) දින  පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන්  මොරටුව නගර සභාවේ සේවකයෙකු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද (15) අත්අඩංගුවට ගෙන ඇත .

සැකකරු මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචි 49 පුද්ගලයෙකි.

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවය නිරත පිරිසට මෙම සැකකරු පහරදී කලහකාරී ලෙස හැසිරෙන  අන්දම  වීඩියෝ පට මගින්,  ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත .