නිධන්හෑරු 7ක් මාට්ටු


( එන් ආරච්චි  )

කිතුල්ගල ,බටහේන් කන්ද, බුලු ගොඩවත්ත ප්‍රදේශයේ නිදන් හාරමින් සිටිත් පුද්ගලයන් හත් දෙනකු  ඊයේ( 31)  රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කිතුල්ගල පොලිසිය පවසයි.

සැකකරුවන් සමඟ ඒ සඳහා යොදාගත්  කඩුවක්,ගල් විඳීමට යොදා ගන්නා උපකරණයක් ,නූල් බෝල ඇතුළු භාණ්ඩ රැසක් පොලිස්බාරයට ගෙන තිබේ.

සැකකරුවන්  දෙහිඕවිට හා දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.