
( සිතුම් චතුරංග)
වවුනියාව , පූවරසකුලම , අර්බානගර් හි ඉඩමක නිදන් හාරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පුද්ගලයින් 8 දෙනකු අත්අඩංගුවටගත් බව පූවරසකුලම් පොලිසිය කියයි.
අත්අඩංගුවටගත් උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන අයකු වන අතර සැකකරුවන් නිදන් හෑරිම සඳහා පැමිණ තිබූ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක්ද අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
පොලිස් ස්ථානයට ලැබුණ 119 දුරකථන ඇමතුමක් අනුව පූවර්සන්කුලම පොලිසිය ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී සැකකරුවන් පිරිස අත්අඩංගුවටගත් බව පැවසීය.
නිදන් හෑරීම සිදුකළ ඉඩම අත්අඩංගුවයටපත් සැකකරුවකුට අයත් බවට අනාවරණයවී ඇති අතර සැකකරුවන් එහි තිබී ගොඩගැනීමට උත්සහ කොට ඇත්තේ ඉපැරණි පුරාවස්තු හෝ එල්.ටි.ටි.ඊ ත්‍රස්ත සංවිධනය විසින් සඟවා තිබූ රත්‍රං බවට පොලිසිය සැකපල කරති.වැටලීම සිදුකරන අවස්ථාවේ නිදන් හෑරූ ස්ථානයට උප පොලිස් පරීක්ෂකවරයා විසින් ආරක්ෂාව ලබාදෙමින් සිටි බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ සැකකරුවන් නිදන් හෑරීම සඳහා උපයෝගීකරගත් පූජාභාණ්ඩ, සවල්,උදළු හා කැණීම් උපකරණ රැසක්ද පොලිසිය විසින් අත්අඩංගුවටගත් බවයි.
සැකකරුවන් අතුරුගිරිය, අකුරැස්ස, ගම්පහ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27ත් 55ත් අතර වයසේ පසුවන්නන් වන අතර සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා පාදුක්ක , පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයකු වේ. අත්අඩංගුවටගත් සැකකරුවන් , මෝටර් රථ හා නිදන් හෑරිමට යොදාගත් උපකරණ වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
වවුනියාව පූවරසන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

