නිදා සිටි බිරිඳට පිහියෙන් ඇන මරා දමලා


(සුරංග රාජනායක සහ රංජිත් රාජපක්ෂ)

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පසු සිය සැමියාගේ තියුණු පිහි ප්‍රහාරයක් සහ විශාල කළුගලක් හිසට දමා සිය බිරිඳ ඝාතනය කර ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නාවලපිටිය සෙම් රොක් පෙදෙසේ නිවසක සිටි ගයානි දිල්රුක්ෂි කුමාරි නමැති හතළිස් හැවරිදි තිදරු මවකි.

බිරිඳ ඝාතනය කිරීමෙන් පසු සැමියා වූ හතලිස් දෙහැවිරිදි මියගිය කාන්තාවගේ සැමියා නාවලපිටිය පොලිසියට බාර වූ බව පොලිසිය සඳහන් කරයි.