
(ටී.කේ.ජී.කපිල )
රටපුරා ඇති නිදහස් වෙළෙඳ කළාප 14 ක සේවයේ නිරත වී සිටින 248,000 ක් වන සේවකයින් ඇතුළු සමස්ථ පෞද්ගලික අංශයේ සේවකයින් හට මෙවර අයවැයෙන් වැටුප් වැඩි වීමක් ලබා දෙන ලෙස බලකරමින් කටුනායක ඇවරිවත්ත නගරයේ අද(12 ) සවස උද්ඝෝෂණයක් ඇරැඹුහ.
වෙළෙඳ කළාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානය සහ අන්තර් සමාගම් සේවක සංගමය එක්ව සංවිධානය මෙය කර තිබුණි .
අදහස් දැක්වූ අන්තර් සමාගම් සේවක සංගමයේ උප සභාපති සහ වෙළෙඳ කළාප සේවකයින්ගේගේ ජාතික මධ්‍යස්ථානයේ කැදවුම්කරු ගාමිණී රත්නායක මහතා මෙසේ පැවසීය .
රජයේ සේවකයින්ට මෙවර අයවැයෙන් යම් වැටුප් වැඩි කිරීමක් ලබා දෙන බව ප්‍රකාශ කළ ද , නිදහස් වෙළෙඳ කළාප සේවකයින් ඇතුළු සමස්ථ පෞද්ගලික අංශයේ සේවකයින් හට වැටුප් වැඩි වීමක් සිදු කරන ලෙස ඉල්ලීමක් පමණක් ඉදිරිපත් වී තියෙනවා .

