(ජයන්ත සමරකෝන්)
72 වැනි ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් සිරකරුවන් 516 දෙනෙකුට මේ මස 4 වැනිදා නිදහස ලැබෙන බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.
බන්ධනාගාර ආයතන 30 කින් පමණ සුළු වැරදීමකට කෙටි කාලීන සිරදඬුවම් ලැබූ පිරිසක් මේ අතර වන බවද එම මුලස්ථානයේ උසස් නිලධාරීයෙක් පැවසීය.
මත්කුඩු, මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ, පැහැරගැනීම්,කප්පන් ගැනීම්, ඇතුළු බරපතල ඝණයේ වැරදි 30 කට සම්බන්ධ කිසිදු සිරකරුවෙකුට මෙදින නිදහස හිමි නොවන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
නීතිවිරෝධී මත්පැන් ජාවාරම ඇතුලුව සුළු වැරදි මත දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිරදඬුවම් විදින පුද්ගලයින් 516 ක ලැයිස්තුවක් මේ වන විට අධිකරණ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වේ.

