ප‍්‍රදීප් කුමාර
ජාතික නිදහස් දිනය යෙදී තිබු අද (4) යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් කළු නිදහස් දිනය යන තේමාව යටතේ විශ්ව විද්‍යාලය තුළ ජාතික ධජය වෙනුවෙට කළු කොඩි ඔසවා තිබේ.
එමෙන්ම ඔවුන් කළු නිදහස් දිනය යනුවෙන් දැක්වෙන කළු පැහැති පෝස්ටර් ද විශ්ව විද්‍යාල භූමියේ ප‍්‍රදර්ශනය කර තිබිණි.
විශ්ව විද්‍යාලය වටා කළු රෙදි අදිමින් ඔවුන් මෙවර නිදහස් දිනය දා මෙසේ කළු කොඩි ඔසවා ඇත.
යාපනය විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගමය විසින් මෙම පෝස්ටර් ප‍්‍රදර්ශනය කළ බවට එම පෝස්ටර්වල සඳහන් කර තිබේ.






