
(එෆ්.අස්ලම්)
පාර්ලිමේන්තු මහ මැතිවරණ සමයේ නීති විරෝධී අන්දමින් මැතිවරණ ක්‍රියාවන් සිදුකළ බව කියන රාජ්‍ය නිලධාරීන් 17කට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකය පවසයි.
අපේක්ෂකයින්ගේ පත්‍රිකා සමඟ ප්‍රචාරණ කටයුතුවල නියැලීම ,අපේක්ෂකයින්ගේ ඡන්ද රැස්වීම් සදහා සහභාගී වීම්, රාජ්‍ය ආයතන තුළ නීති විරෝධී අන්දමින් අපේක්ෂකයින් ඇතුළත් කර ගෙන අපේක්ෂක ප්‍රවර්ධන සිදුකිරීම වැනි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ආදී චෝදනාවන් මත මෙම නිලධාරීන්ට එරෙහිව පැමිණිලි ලැබි ඇති බවද එම ඒකකය පවසයි.
මෙලෙස චෝදනා එල්ල වන නිලධාරීන් අතර සමෘද්ධි කළමණාකරුවන් සහ නිලධාරීන්, විදුහල්පතිවරුන් ඇතුළු ගුරුවරුන්, රාජ්‍ය මූල්‍ය ආයතන කළමණාකරුවන් ඇතුළු රාජ්‍ය ක්ෂේස්ත්‍රයේ මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරීන් වේ.
මේ අතර මේ වන තෙක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත මැතිවරණ පැමිණිලි ඒකකය වෙත මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබද පැමිණිලි 125ක් ලැබී ඇති අතර ප්‍රචන්ඩ ඝනයේ එකදු ක්‍රියාවක් හෝ මේ තාක් වාර්තා වී නැත.
පසුගිය මැතිවරණයට සාපේක්ෂව මෙවර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් සිදුව නැති නමුත් අපේක්ෂකයින් කොවිඩ් 19 වෛරසය පාලනය වන ආකාරයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව කිසිදු මැතිවරණ ප්‍රචාරණයක් සිදු නොකරන බවද මැතිවරණ පැමිණිලි ඒකකය තවදුරටත් සදහන් කරයි.

