නිකවැරටිය රෝහලේ විරෝධතාවක්


(ප්‍රියාණි මංගලිකා )

                       

කොරෝනා ඒකක දෙකක් පවතින නිකවැරටිය මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල වලට මෙතෙක් ආරක්ෂිත ඇඳුම් ලබා  දී නොමැති  බවත් ,ඒවා වහා ලබා දෙන ලෙසත් ඉල්ලා  එම කාර්ය මණ්ඩලය කෑම පැයේදී අද(08) දහවල් රෝහල ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වූහ.

රෝහලේ සියලු කාර්ය මණ්ඩල වෙත ආරක්ෂිත ඇඳුම් ලබා දී ඇතත් තමන්ට එ⁣ම ආරක්ෂිත ඇදුම් ලබා නොදෘම හේතුවෙන් විශාල රෝග අවදානමක් මත සේවා කටයුතු කිරීමට සිදුව ඇති.බවත් ඔවුහු කියා සිටියහ .

කොරෝනා වෛරස් වසංගත තත්වය ආරම්භයේ දී සිටම බලධාරීන් ගෙන් තමන්ට ආරක්ෂිත ඇඳුම් ලබා දෙන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටියද , මේ වන තුරුම එය ඉටු වී නොමැති බවද ,ඇතැම් සේවකයන් තම.පෞද්ගලික මුදලින් එම.ආරක්ෂිත ඇඳුම් සකසා ගෙන ඇති බවද තව දුරටත් එසේ කිරීමට නොහැකි බවද ඔවුහු බලධාරීන්ට අවධාරණය කළහ.

මේ වන විට රෝහල් කණිෂ්ඨ කාර්ය මංඩලය 150ක් පමණ වන බවද , පවතින තත්වය අනුව ,තමන් මෙන්ම තම .පවුල් වල අයද  කොරෝනා වසංගත රෝග තත්ව අවධානමට ලක්ව ඇති බවද ඔවුහු බලධාරීන්ට අවධාරණය කර සිටියහ.

තමන් පත්ව ඇති අවාසනාවන්ත තත්වය සලකා බලා ඉතා ඉක්මනින් ආරන්ෂිත ඇඳුම් ලබා දෙන ලෙස ඔවුහු බලධාරීන් ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව නිහඬ විරෝධතාවයක පැවැත්වුන අතර,සේවක සේවිකාවෝ 100ක් පමණ විරෝධතාවයට එක්ව සිටියහ.