නැගෙනහිර නිවාස 86ක් වැනසිලා


(අමදෝරු අමරජීව)

ජල ගැලීම් හා සුළි කුණාටු හේතුවෙන් නැගෙනහිර පළාතේ නිවාස 86 ක් සම්පූර්ණයෙන්ම හානියට පත් වී ඇති අතර නිවාස 2034 ක් අර්ධ හානියට පත්ව ඇතැයි නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.

පූර්ණ හානි නිවාස 86 න් නිවාස 75 ක්ම ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ වන බවත් මඩකලපු දිස්ත්‍රික්කයේ නිවාස ගණන 11කට පූර්ණ හානි සිදුව ඇති බව ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.

අර්ධ හානි නිවාස දිස්ත්‍රික් මට්ටමෙන් ගත් කල්හි මඩකලපුවේ නිවාස 943ක් ද ත්‍රිකුණාමලයේ නිවාස 704 ක් ද අම්පාර  දිස්ත්‍රික්කයේ නිවාස 387 ක් ද වන බව ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේ ය.

මේ අතර ආපදා තත්ත්වයෙන් නැගෙනහිර පළාතේ මරණ දහයක් වාර්තා වී ඇති අතර ඉන් අටක් අම්පාරෙන් ද දෙකක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී තිබේ.