(දිලීප් ජයසේකර)
තණමල්විල මාතර ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර රණවරණාව ප්‍රදේශයේදී නාවික හමුදා සෙබළුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අද (04) මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් සෙබළුන් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි.
රියදුරුට බස් රථය පාලනය කර ගැනිමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පැවසීය.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ නාවික හමුදාවට අයත් බස් රථයක් වන අතර බස් රථය මන්නාරම නාවික හමුදා කඳවුරේ සිට තංගල්ල නාවික හමුදා කඳවුර දක්වා නාවික සෙබළුන් 19 දෙනෙකු රැගෙන පැමිණ තිබේ.
රණවරණාව පාලම අසලදී රියදුරුට බස් රථය පාලනය කර ගැනිමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු කොහොඹ ගසකද වැදී පෙරළි ගොස් තිබේ.
අනතුරින් තුවාල ලැබු නාවික හමුදා සෙබළුන් 13 දෙනෙකු ප්‍රතිකාර සඳහා තණමල්විල රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ අතර සිටි නාවික සෙබළුන් 06 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.
සෙබළුන් 07 දෙනෙකු තණමල්විල රෝහලේ ප්‍රතිකාර ලබයි.


