නාවික හමුදා කොමදොරුවරයකු 28 තෙක් රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තවේ ප්‍රසම්පාදන අධ්‍යක්ෂවරයා වශයෙන් සේවයේ යෙදී සිටිමින් මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තව අත්අඩංගවට ගත් නාවික හමුදා කොමදොරුවරයකු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මොරටුව මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා අද (17) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධණාගර ගත කරනු ලැබුවේ පිලියන්දල කොලමුනේ ප්‍රදේශයේ පදිංචි ඊ. එම්. පද්බේරිය නමැති නාවික හමුදා කොමදෝරුවරයෙකි.

පොදු දේපල පනත ප්‍රකාරව මෙම සැකකරු වරදක් සිදුකර ඇතැයි සදහන් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ්‍යට කරුණු වාර්තා කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ මුල්‍ය විමර්ශන ඒකක 01 හි ස්ථානාධිපතිවරයා විසිනි.