(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර මහතාට තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී නගරාධිපතිවරයාට සහ කැබ් රථයට පහරදී අනර්ථය සිදු කළ බව කියන කුකුල් මස් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
දිවයින පුරා ඉකුත් මැයි 9 වෙනි දින පැවැති ප්‍රචණ්ඩකාරි සහ කලහාකාරී සිදුවීම් අතරතුරදී අත්අඩංගුවට ගත් සැකකරු ඇතුළු පිරිසක් නගරාධිපතිවරයා ගමන්ගත් කැබ් රථයට මඟ හරස් කර පහර දීම සිදුකර තිබූ බව පොලිසිය සඳහන් කරයි
පහරදීමට සම්බන්ධ තවත් පිරිසක් හඳුනාගෙන ඇති අතර ඔහුන් ද අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු තලංගම උතුර හීනටිකුඹුර පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයෙකි සැකකරු කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය