
(සුජිත් හේවාජුලිගේ)
නායයෑම් හා නාය අවදානම් ස්ථාන 2377ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඉන් ස්ථාන 529ක් සම්බන්ධයෙන් අවසන් වාර්තා නිකුත් කෙරැණු බව එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කළේ ය.
මේ කටයුතු සදහා දිස්ත්‍රික්ක 7කට යොදවා ඇති පරීක්ෂණ කණ්ඩායම් සංඛ්‍යාව 56කි.
පසුගියදා ඇද හැලුණු දැඩි වැසි හේතුවෙන් ස්ථාන 1322ක නායයෑම් හා පස් කඳු කඩාවැටීම් ඇතුළු සිදුවීම් වාර්තාවී ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි

