නාමලුත් කෝසලගේ ගෙදර යයි


(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ජාතික ජන බලවේගයේ කෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාට  අවසන් ගෞරව දැක්වීම සඳහා කෑගල්ලේ ඒ මහතාගේ නිවසට අද පස්වරුවේ  ගියේය.

එහිදී ඔහු  ජයරත්න මහතාගේ මවට සහ සොහොයුරන්ට  සිය සංවේගය පළ කර ඇත.

නාමල් රාජපක්ෂ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය. කෑගල්ලට ගොස් ඇත්තේ එහි පෙනී සිටීමෙන් අනතුරුවය.

කෝසල  නුවන් ජයරත්න මහතා හදිසි හෘදයාබාධයකින් ඊයේ අභාවප්‍රාප්ත විය.නාමලුත් කෝසලගේ ගෙදර යයි