
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලි )
අවතැන් වූ දරු දැරියන්ට පොත් පත් ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ක්‍රියාත්මක කරන "ආදරය" වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් හතරකදී ක්‍රියාත්මක කළ බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
එහිදී දරුවන් දහසකට වැඩි පිරිසකට පොත්පත් ලබාදුන් බවද රාජපක්ෂ මහතා කීය.ආපදාවට ලක්වූ දරුවන්ට පොත්පත් බෙදා දීම අනෙකුත් දිස්ත්‍රික්ක වලද සිදු කරන බව නාමල් රාජපක්ෂ පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ආයතනද සහභාගී කරගෙන මෙම "ආදරය " වැඩසටහන දියත් කර ඇති බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

