(සනත් ගමගේ)
හම්බන්තොට අධිකරණයේ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෝසමක් මාර්ගයෙන් හම්බන්තොට අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් පසු පෙර ඇප මත මුදා හැරීමට හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහතා අද (29)නියම කළේය.
කිසිදු කොන්දේසියක් නොමැතිව පෙර ඇප මතම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මුදාහැරීම සිදුවිය.
2017 වසරේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පෞද්ගලීකරණයට පැවති විරෝධතාවයකදී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි
ඒ අනුව එම නඩුව 2025.07.28 දින කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නඩුවට පෙනී නොසිටි හෙයින් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කිරීම විය.
අදාල නඩුව 2026 වසරේ ජනවාරි 26 දින යළි කැඳවීමට නියෝග කළේය.