ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මානව හිමිකම් පිළිබඳ නීතිඥවරයකු වන ප්‍රියලාල් සිරිසේන මහතාට නාඳුනන පුද්ගලයකු දුරකතන ඇමතුමකින් තර්ජනය කළ බවට කුරුණෑගල පොලිසිය පැමිිනිකර තිබේ.
සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිකයකු, ලේඛකයෙකු සහ නීතීඥවරයකු වන ප්‍රියලාල් සිරිසේන මහතාට එම නාඳුනන පුද්ගලයකු දුරකතන ඇමතුමක් දී අමාත්‍යවරයාගේ වැඩ කටයුතුවලට බාධා නොකරන ලෙස තර්ජනය කර ඇත.
සිරිසේන මහතා එම පුද්ගලයාගේ සහ අමාත්‍යවරයාගේ නම වරින් වර විමසා ඇතත් එයට කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණු බවද පැවැසෙයි. “00971566018309” යන විදේශීය අංකයෙන් මෙම ඇමතුම ලැබී ඇති අතර සිරිසේන මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ඕනෑවට වඩා නටන්න උත්සාහ නොකරන ලෙසත් ඇමතිතුමාට විරුද්ධව කරපු දේ ඉල්ලා අස්කර ගන්නා ලෙසත් එසේ නොකොළහොත් විශාල කරදරයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් පවසමින් දුරකතන ඇමතුම ලබා දුන් පුද්ගලයා සිරිසේන මහතාට අනතුරු අඟවා තිබේ.
නැවත නැවත අනතුරු ඇඟවීමට ඉඩ නොතබන ලෙසත් ඕනෑවට වඩා පණ්ඩිත නොවී තමන්ට අදාල රාජකාරිය පමණක් සිදු කරන ලෙසත් එසේ නොකළහොත් තමන්ද ගමන් කරන්නේ මහ පාරේ බව මතක තබාගන්නා ලෙස දුරකතන ඇමතුම ලබා දුන් පුද්ගලයා සිරිසේන මහතාට තර්ජනය කර ඇත.
(ඩේලිමිරර් ඇසුරෙනි) 034

