(රන්ජන් කටුගම්පොළ)
කුරුණෑගල නාකොලාගම රක්ෂිතයේ ඉදිකර ඇති අලි වැට වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් මේ සම්බන්ධයෙන් ගොනුකොට තිබූ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු , එස් තුරේරාජා සහ යසන්ත කොදාගොඩ යන මහත් මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය මීට පෙර අවස්ථාවකදි ලබා දුන් අතර අද (14) පෙත්සම කැඳවූ අවස්ථාවේදී එවැනි නියෝගයක් තමන්ට ලැබී නොමැති බව වගඋත්තරකාර පාර්ශ්වයට දැනුම්දීමෙන් අනතුරුව එම නියෝගය ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් නියෝග කෙරිණි.
කුරුණෑගල මාකුළාගම රක්ෂිතයේ අලි වැට මගින් සතුන්ට හානි වන බව සඳහන් කරමින් අලි වැට ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරක යුක්ති කේන්ද්‍රය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබ ඇත
පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් ආචාර්ය නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගංගා වාකිෂ්ඨ ආරච්චි මහත්මිය පෙනී සිටියාය.

