න්දෝරු දෙපාර්තුමේන්තුවේ 52වැනි මැනුම්පතිවරයා


රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ 52වැනි මැනුම්පතිවරයා ලෙස ඒ. දිසානායක මහතා පත්කරනු ලැබ ඇත.

වැලිගම ශ්‍රී සුමංගල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ දිසානායක මහතා රුහුණු විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියෙකි.

සහකාර මිනින්දෝරු අධිකාරීවරයෙකු ලෙස 1985 වසරේ මාර්තු මස 01 වැනි දින මිනින්දෝරු දෙපාර්තුමේන්තුවට බැඳුනු ඒ මහතා දියතලාව මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනයෙන් මැනුම් විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව හදාරා තිබේ.