(ඩී.ජී.සුගතපාල)
හලාවත ප්‍රදේශයේ සිට නීතිවිරෝධී ලෙස බහුදින යාත්‍රාවකින් නවසීලන්තය බලායමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නාලද 41දෙනා අද (25) ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුර වෙත ගෙනඑන ලදී.
මෙම පිරිසට පිරිමින් 32දෙනෙකු, කාන්තාවන් 04 දෙනෙකු සහ දරුවන් 5 දෙනෙකු අයත්වේ.
ගාල්ලේ සිට නාවික සැතපුම් 365ක් ඈත මුහුදේදි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නන්දිමිත්‍ර නෞකාවෙන් ගාල්ල නාවික හමුදා කඳවුර වෙත ගෙන එන ලදී.
ඔවුන්ගේ ප්‍රකාශ සටහන්කර ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරාය පොලිසියට බාරදීමට නියමිතය.

(ඡායාරූපය- නාවික හමුදා මාධ්‍ය අංශය)

