නව හැවිරිදි පුත්‍රයාද වෙඩි උණ්ඩයට බිලි


(චන්ද්‍රසේන ගමගේ)

මිද්දෙනිය  ගල්පොත්තයාය ප්‍රදේශයේ දී  ඊයේ(18) වන දා රාත්‍රියේ සිදු වූ වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගතකර සිටි නවහැවිරිදි  දරුවා ද අද(19)වන දා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලිසිය පවසයි.

මිද්දෙනිය  ගල්පොත්තයාය ප්‍රදේශයේ දී වෙඩි වැදීමෙන් වීරකැටිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ නොහොත් කජ්ජා යන අන්වර්ත නමින් හදුන්වනු ලැබූ තැනැත්තා ද  ඔහුගේ 08 හැවිරිදි දියණිය සහ නව හැවිරිදි පුත්‍රයා ද මියගිය බව පොලීසිය කියයි.

තංගල්ල කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න මහතාගේ මෙයෙවීම මත පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.