නව විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙති


(මනෝප‍්‍රිය ගුණසේකර)

යසන්ත කොදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් ද දිලිප් නවාස් මහතා අභියාචනාධිකරණයේ  සභාපති විනිසුරුවරයා වශයෙන්ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවේ ජනාධිපති කාර්යාලයේදී  අද (03) පස්වරුවේ දිව්රුම් දුන්හ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරය සඳහා අභියාචනාධිකරණයේ  සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ යසන්ත කොදාගොඩ මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින්  නිර්දේශ කිරීමෙන් අනතුරුව කොදාගොඩ මහතා එම තනතුරේ දිව්රුම් දුන්නේය.

අභියාචනාධිකරණයේ  සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ යසන්ත කොදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරුවරයකු වශයෙන් පත් කිරීමෙන් පුරප්පාඩු වු අභියාචනාධිකරණයේ  සභාපති විනිසුරු ධූරය සඳහා දිලිප් නවාස් මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින්  නිර්දේශ කිරීමෙන් අනතුරුව නවාස් මහතා එම තනතුරේ දිව්රුම් දුන්නේය.