නව කෘෂි ලේකම් වැඩ බාර ගනී


(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා අද (28) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ බාර ගත්තේය.

ගුරුවරයකු ලෙස රාජ්‍ය සේවයට එක්ව ඇති බණ්ඩාරනායක මහතා සහකාර  ප්‍රාදේශීය ලේකම්වරයකු, ප්‍රාදේශීය ලේකම්වරයකු, දිසාපතිවරයකු මෙන්ම පළාත් ප්‍රධාන ලේකම්වරයකු ලෙස රාජ්‍ය පරිපාලනයේ දීර්ඝ අත්දැකීම් ඇත්තෙකි.

වැඩ බාර ගැනීමෙි අවස්ථාවට සහභාගී වූ ඌව බින්තැන්න ප්‍රධාන සංඝනායක බණ්ඩාරවෙල ශ්‍රී සුබෝධාරාමාධිපති කහත්තේවෙල සිරිනිවාස නාහිමියන්  සඳහන් කළේ කුමන බාධා එල්ල වුවද රට දියුණු තත්ත්වයට පත් කර ගැනීමට සියලු දෙනාටම වගකීමක් ඇති අතර ප්‍රායෝගික කෘෂිකර්මයේ යෙදුණ ඒ පිළිබඳ අත්දැකීම් හා පළපුරුද්ද ඇති බණ්ඩාරනායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කිරීම කාලෝචිත තීරණයක් බවයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද නව ලේකම්වරයාගේ රාජකාරි කටයුතු සාර්ථක කර ගැනීමට සියලු සහයෝගයන්  දෙන බව සඳහන් කරමින් සුබ පැතුම් එක් කර තිබුණි.