නව ඇමැතිවරුන්ගේ යෝජිත නම් ලැයිස්තුව අද දහවල් ජනපතිට


අජන්ත කුමාර අගලකඩ
 
නව අමාත්‍ය මණ්ඩලය සඳහා පත්කිරිමට යෝජිත මන්ත්‍රිවරුන් 30 දෙනෙකුගේ නාම ලේඛනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (18) දහවල් යැවීමට නියමිත බව එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය.


එක් එක් මන්ත්‍රීවරුන්ට බාරදීමට නියමිත අමාත්‍යංශ හා විෂය පමණක් ඇතුළත් ලැයිස්තුවක් ද ඒ සමඟ යැවීමට සකස් කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.


එම මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබුණ වහාම අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට සුදානමින් සිටින බවද ඔහු කීවේය.


එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ දේශපාලන පක්ෂවල නායකයින් ද නව අමාත්‍ය මණ්ඩලය සඳහා යෝජනා වී ඇතැයි හෙතෙම පැවසීය.