නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි


(නිමල කොඩිතුවක්කු)

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැකි ඉක්මනින් අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

රට තුළ ආගමික, සංස්කෘතික හා සමාජීය නවෝදයක් ඇති කළ හැකි දුෂණයට, භීෂණයට හා අවනීතියට කිසිදු ඉඩක් ලබානොදෙන සියලු ජන කොටස් එක මවකගේ දරුවන් මෙන් එකතු කරන්නට ඉඩ සලස්සන්නට නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවත් උන්වහන්සේ  සඳහන් කළහ.

77 වන නිදහස් දිනය නිමිත්තෙන් බොරැල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ දී අද(04) උදෑසන පැවති විශේෂ දේව මෙහෙය අමතමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.

(ජයමාල් චන්ද්‍රසිරි)