නලින්දත් ලක්ෂ 74ක් රජයට ඉතිරි කරයි


(සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක  මුදලක්  රජයට  ඉදිරි කර  ඇති  බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය

එසේම වත්මන් ආණ්ඩුවේ සෙසු  මැති ඇමතිවරුන්ද නාස්ති අවම කරගෙන  ඇති බව  ඔහු ප්‍රකාශ කළේය.

නලින්ද ජයතිස්ස මහතා මෙසේද පැවසීය

" මම ඇමැති  වැටුප ගන්නේ නෑ. මන්ත්‍රී වැටුප ගන්නේත් නෑ.  වී8 ඇතුළුව මට එක තැනක  වාහන තුනක් තියෙනවා. තව තැනක තුනක් තියෙනවා. තවත් තැනක දෙකක්  තියෙනවා. ඒ ඔක්කොම වාහන පැත්තකට දාලා මම සාමාන්‍ය වාහනයක් පාවිච්චි කරනවා. ඇමතිවරයෙකුට දෙන තෙල් කෝටා එකත්  බාගෙට භාගයක් අඩු කරලා තියෙනවා. ඒ වගේම අපි ඇමති  නිල නිවාස ගන්නෙ නෑ. මේ විදියට බැලුවම විශාල මුදලක් ඉතිරි කරල තියෙනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මීට පෙර සිටිය කෙනා පෞද්ගලික කාර්ය මණ්ඩලයට විතරක් වියදම් කරලා තියෙනවා මාසෙකට රුපියල් ලක්ෂ හැත්තෑ හයක්. මම අාවට පස්සේ ඒ මුදල ලක්ෂ දෙකක් දක්වා අඩු කරගත්තා. එතකොට මාසෙකට ලක්ෂ 74 ක් ආණ්ඩු පක්ෂ පක්ෂකාර්යාලයට විතරක් මම ඉතුරු කරලා දීලා තියෙනවා.

ප්‍රාදේශීය සභාවට පත්වෙන කෙනා මුදල් නාස්ති කරනවානම් අපි ඒකට ඉඩ දෙන්නේ නෑ. අපි කරන කැප කිරීමටත්  ඒක බරපතළ  නිග්‍රහයක් අවමානයක්. හොරකම් කරන්න සල්ලි දෙන්නේ නෑ. ඒකට දෙතුන් සැරයක් නොවෙයි දහස් සැරයක් හිතන්න ඕනි.

ජයතිස්ස මහතා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදීය.